විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වූ පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දීමක් කරනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමකට අනුව දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 206 න 107 ක් මෙම පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා තිබෙන බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ඒ සාම මධ්‍යස්ථානයකම තවත් පාඨමාලා 50% කට වැඩි ප්‍රමානයක් ආරම්භ කිරීමට නියමිත බවත් තවත් 4000 ක පමණ පිරිසකට ඒ සඳහා සහභාගී වීමේ හැකියාව පවතින බවයි කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු 011 7277 888 සහ 011 7270 270 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

