ඉදිරි මාස 06 ක කාලයක් සඳහා ශ්රී ලංකාවෙන් බැහැරට විදේශ මුදල් ගෙන යාමට පනවා තිබූ සීමා ලිහිල් කර ඇති බව ශ්රී ලංකා බව බැංකුව නිවේදනය කරනවා.
නව රෙගුලාසි යටතේ ශ්රී ලංකාවෙන් පිටත ඇති කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක ඇමරිකානු ඩොලර් ලක්ෂ 02 ක් දක්වා ආයෝජනය කිරීමට ද මේ හරහා අවසර ලබා දී තිබෙනවා.
එමෙන්ම විශ්රාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමා ද ඉවත්කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

