ඊයේ දිනයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගේ ප්රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව ඉතාම පැහැදිලි බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බව යි වැඩිදුරටත් ප්රකාශ කර තිබෙන්නේ.
එමෙන්ම සිදු විය යුත්තේ විපක්ෂයෙන් ප්රතිචාර ඉල්ලා සිටීම නොව ප්රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

