නැව් වලින් සිදු වන තෙල් කාන්දු නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමේ යෝජනාවක්

මෙරට මුහුදු තීරයේ ගමන් ගන්නා නැව් වලින් සිදුවන තෙල් කාන්දුවීම් නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ලබා ගැනීමට අදාළව ප්‍රංශ රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එය වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කර තිබෙන්නේ.

මෙරට මුහුදු තීරයේ දිනකට නැව් 300 ක් 350 ක් අතර ප්‍රමාණයක් ගමන් කරන බැවින් සමුද්‍ර ගමනාගමන ඝනත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එහි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ.