ශ්‍රී ලංකාව ගෙන යන නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ෆැන්චේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසාර සංවර්ධනය උදෙසා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ද සහය දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙහි දී ජනාධිපතිවරයා විසින් උතුරු නැගෙනහිර සංවර්ධන හා ප්රතිසන්ධාන වැඩපිළිවෙල ද ඉදිරිපත් කර ඇති අතර එම පළාත්වල ජනතාවගේ දීර්ඝ කාලීන ගැටළු විසඳීම හා ජාතීන් අතර සාමය හා සහජීවනය ඇති කිරීම මෙම යෝජිත නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙහි අරමුණ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාර්ක් ෆැන්චේ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවක දී මේ බව දැනුම් දී තිබෙනවා.

