උතුරු – නැගෙනහිර පූර්ණ හර්තාලයක්

උතුරු හා නැගෙනහිර පළාත් තුල ලබන ජූලි 28 වන දා පූර්ණ හර්තාලයක් සිදු කරන ලෙස යුධ සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාති සංගම් සහ තවත් සංවිධාන කිහිපයක් ඉල්ලීමක් කර තිබෙනවා.

එදින එම පළාත් දෙකෙහි සියලුම වෙළඳසල් වසා දමමින් ගමනාගමන සහ වෘත්තීය කටයුතුවලින් බැහැර වී පූර්ණ හර්තාලයට සහාය දෙන ලෙස ත් එම සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එසේම එදින මුලතිව් වට්ටුවකාල් පාලම අසල සිට දැවැන්ත පෙළපාලියකින් මුලතිව් නගරයට පැමිණ මුලතිව් දිසාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු සැලසුම් කර ඇති බවයි එම සංගම් වැඩිදුරටත් ප්‍රකශ කරන්නේ.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් හමු වී ඇති කොටි කාන්තා සෙබළියන්ගේ යැයි සැක කෙරෙන සමූහ මිනී වළ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සහ ජාත්‍යන්තර මට්ටමේ විධිමත් කැණීමක් සිදු කරන ලෙස රජයට බල කෙරෙමින් නෙන පූර්ණ හර්තාලය දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම හර්තාලය සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ වෙළඳ සංගම් කිහිපයක් පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාවය පළ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.