මෙටා සමාගමට ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් නියෝගයක්

Facebook හි හිමිකාරිත්වය දරන Meta සමාගමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20 ක එනම් ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

එසේම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් Meta සමාගමට නීතිමය වියදම් ලෙස ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමට ඕස්ට්‍රේලියානු ඩොලර් 400,000 ක දඩයක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

Meta සමාගම විසින් පෞද්ගලික තොරතරු සුරැකුම් යෙදවුමක් ලෙස හඳුන්වා දෙන ලද Onava යෙදුම හරහා පරිශීලකයන්ගේ ස්ථාන (location), ඔවුන් දුරකථන භාවිතා කරන වේලාවන් ආදී තොරතුරු එක්රැස් කරමින් ඒවා ඔවුන් ගේ වෙළඳ ප්‍රචාරණ අරමුණු සඳහා භාවිතා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස එම යෙදවුම හරහා දත්ත රැස්කිරීමක් සහ ඒවා භාවිතය ගැන ප්‍රමාණවත් දැනුම් දීමක් පරිශිලයන්ට නොකිරීම Meta සමාගමට එල්ල වී ඇති චෝදනාව වනවා.