උඩරට වතුකරය ආශ්රිත ප්රදේශවල මත්පැන් අලෙවිය විශාල ලෙස අඩු වී ඇති බව වාර්තා වෙනවා.
එම ප්රදේශ වල මත්පැන්හල් හිමිකරුවෝ පවසන්නේ රජය විසින් අවසන් වරට මත්පැන් වර්ගවල මිල වැඩි කිරීමත් සමඟ මෙලෙස මත්පැන් අලෙවිය 70% ක පමණ ප්රමාණයකින් අඩු වී ඇති බවයි.
කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයක දී ම මත්පැන් වල මිල ගැන විශාල ලෙස ඉහළ යාම සහ ඊට සාපේක්ෂව උඩරට වතුකරයේ වතු කම්කරුවන් ඇතුළු අනෙක් ජනතවයේ ආර්ථික තත්ත්වයේ වෙනසක් නොවීම මීට හේතු වී ඇති බවයි මත්පැන්හල් හිමියෝ පෙන්වා දෙන්නේ.

