යාපනයේ ස්ථාන කිහිපයකම කළු ජූලිය සමරයි

1983 වසරේ සිදු වූ කළු ජූලිය සිද්ධියේ දී මියගිය පුද්ගලයින් සැමරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය ඇතුළු යාපනය නගරයේ ස්ථාන කිහිපයකම සැමරුම් පිංකම් රැසක් ඊයේ දිනයේ සංවිධානය කර තිබුනා.

යාපනය විශ්ව විද්‍යාලයේ කළු කොඩි ඔසවා කළු ජූලිය සිද්ධියට විරෝධය පළ කර තිබුණු අතර දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ද යාපනය නගරයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුනා.

එම විරෝධතාවලට රැස්ව සිටි පිරිස විසින් කළු ජූලිය ගැටුම් වල දී මියගිය අය වෙනුවෙන් පහන් සහ ඉටිපන්දම් දල්වා මල් තැබීම් සිදු කළ අතර මෙවර මෙම කළු ජූලිය සැමරුම් සඳහා ආරක්ෂක අංශ හෝ වෙනත් කිසිදු පාර්ශවයකගෙන් බාධා එල්ල නොවීම කැපී පෙනුනා.