මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

සඳුදා අලුයම මොස්කව් නුවර මිනිසුන් වාසය නොකරන ගොඩනැගිලි දෙකක් ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ඩ්‍රෝන යානා දෙකම විනාශ කිරීමට රුසියානු ආරක්ෂක අංශ සමත් වී ඇති අතර ප්‍රහාරවලින් බරපතල හානියක් හෝ කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි මොස්කව් නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ.

මෙම ප්‍රහාරය යුක්රේනයේ කියෙව් හි සිටින ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවටයි රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරන්නේ.