ජපාන විදේශ ඇමති මෙරට සංචාරයක

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ලබන සතිඅන්තයේ එනම් ජූලි 28 හා 29 යන දිනවල එම සංචාරය සිදුකෙරෙන ඒ සඳහා විදේශ අමාත්‍යවරයා සමඟ 24 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් එකතු වන බවයි වාර්තා වෙන්නේ.

2019 වසරෙන් පසු ජපානයේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙනවා.

ජපාන රජයේ සම සභාපතීත්තයෙන් ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යොෂිමාසා හයාෂී මහතාගේ මෙම සංචාරයේ අරමුණ එස දක්වා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා ජපාන ද්වීපාර්ශවික සහයෝගීතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.