2030 වසර වනවිට රට තුළ එළවළු බීජ ආනයනය සම්පුර්ණයෙන් නතර කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ වර්ග විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර එම ආනයනික බීජ වර්ග සඳහා ඉහළ මිලක් ගෙවීමට ගොවීන්ට සිදු වී තිබීම හේතුවෙන් එළවළු වගාවෙන් ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීමට නොහැකි වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙනවා.
මේ නිසා මෙරට වගාවට අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

