Online අයදුම්කිරීමේ අඩු පාඩු නිසා පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වෙයි

Online ඔස්සේ අයදුම් කිරීමේ දී සිදු වන යම් අඩුපාඩු හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව ආගමන විගමන් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

බොහෝ අයදුම්කරුවන් විසින් අංගුලි සලකුණු නිසි පරිදි සටහන් නොකිරීම සහ අදාළ තොරතුරු නිසි පරිදි යොමු නොකිරීම මෙන්ම ලිපි ලේඛන යොමුකිරීමේ දී නිවැරදි ක්‍රමව්වේදයන් අනුගමනය නොකිරීම වැනි දුර්වලතා පෙන්නුම් කර ඇති බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 35,000 කට අධික වුවත් ඒවායේ පවතින මෙම අඩුපාඩු නිසා නිකුත් කිරිමට් ඇහැකි වී ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 3,700 ක් පමණක් බවයි පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් Online අයදුම්කිරීමේ දී යම් කිසි ගැටළුවක් ඇති වන්නේ නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇමතීමෙන් එම ගැටළු නිරකරණයෙන් පසුව අයදුම්පත් යොමු කරන ලෙස ආගමන විගමන දෙපර්ත්මෙන්හුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.