2022 වසරේ දුම්වැටි අලෙවිය 18.6% කින් ඉහළට

2022 වසරේ දී දුම්වැටි අලෙවිය මිලියන 2,828.7 දක්වා 18.6% කින් ඉහළ ගොස් ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා.

එසේම දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීම හේතුවෙන් 2022 වර්ෂයේ දී දුම්වැටි මඟින් ලද ආදායම රුපියල් මිලියන 104.1 දක්වා 17.6% කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.

2021 වර්ෂයේ දී දුම්වැටි මිලියන 2,384.1 ක් අලෙවි වී ඇති අතර ඉන් රුපියල් බිලියන 88.5 ක ආදායමක් ලැබී තිබෙනවා.