දෙවෙනි හා තුන්වෙනි වාර සඳහා වාර සටහන් නිකුත් වෙයි

2023 වර්ෂයට අදාළව දෙවන පාසල් වාරයේ පළමුවන අදියරය හෙටින් එනම් ජූලි 24 වන දා යින් ආරම්භ වී අගෝස්තු 17 වන දා යින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඉන් අනතුරුව අගෝස්තු 18 වන දා සිට අගොස්තු 27 වන දා දක්වා කෙටි නිවාඩු කාලයක් ලබා දීමට නියමිතව තිබෙනවා.

නිවාඩුවෙන් අනතුරුව දෙවන වාරයේ දෙවන අදියරය අගෝස්තු 28 වන දා ආරම්භ වී ඔක්තෝම්බර් 27 වන දායින් අවසන් වනවා.

තුන්වන වාරයේ පළමු අදියරය ඔක්තෝම්බර් 30 වන දා සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වීමට නියමිත යි.

2023 අ.පො.ස. උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා යලිත් නිවාඩු කාලයක් ලබා දෙන අතර 2024 වර්ෂයේ ජනවාරි 1 දා සිට පෙබරවාරි 16 දක්වා තුන්වන වාරයේ දෙවන අදියරට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.