ලාෆ් සහ ලිට්රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.
වෙළෙඳපොළේ ලිට්රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතින අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ කළ සාකච්ඡා වලින් අනතුරුව ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.
ඒ අනුව ඉදිරියේදී ලාෆ්ස් ගෑස් සදහා ද මිල සූත්‍රය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

