ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි මරණ සහතික නිකුත් කිරීම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදු කරන බව සමස්ත ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් B-18 පෝරමය යටතේ නිකුත් කළ මරණ සහතිකය වෙනුවට මරණයට හේතුපාදක වූ කරුණු හතරක් යටතේ කරුණු 24 ක් අඩංගු කරමින් නව මරණ සහතිකය නිකුත් කරන බවයි වාර්තා වෙන්නේ.
රෝගියාට ලබා දුන් වෛද්‍යමය තොරතුරු, රෝගියා පිලිබඳ විස්තර සහ ඥාතීන් පිලිබඳ විස්තර ද ඇතුලත් වන පරිදි සකසන ලද එය අන්තර්ජාතික නිර්නායක වලට අනුකුලව සකස් කරන ලද මරණ සහතිකයක් වෙනවා.
එමෙන්ම ලබන සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 කට එක් මරණ පරීක්ෂකවරයෙකු බැගින් පත් කිරීමට ද අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

