ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මෙන්ම ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ලංකාවේ කන්කසන්තුරෙයි අතර ද මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීමන් දෙරට අතර නාවික ගමනාගමනය තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තවදුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බව යි.
එමෙන්ම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුකර ඇත.

