යුක්රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතය අරඹයි

යුක්රේන හමුදා විසින් රුසියානු ප්‍රහාර වලට එරෙහිව ඇමරිකාව විසින් සපයන ලද පොකුරු බෝම්බ භාවිතා කිරීම ආරම්භ කර ඇති බව ධවල මන්දිරය විසින් තහවුරු කර තිබෙනවා.

යුක්රේනය එම පොකුරු බෝම්බ නිසි ලෙස ඵලදායිව භාවිතා කරන අතර ඒවා රුසියානු ආරක්ෂක අංශ වලට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් වී ඇති බවයි ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ.

එසේම යුක්රේන හමුදා ජෙනරාල්වරයෙක් වන ඔලෙක්සැන්ඩර් ටර්නාව්ස්කි විසින් සඳහන් කලේ මෙම පොකුරු බෝම්බ නිසා යුක්රේන හමුදාවන්ට අඩු පතරොම් ප්‍රමානයක් භාවිතයෙන් වැඩි විනාශයක් රුසියානු හමුදාවන් ඉලක්ක කර ගෙන කළ හැකි බවයි.

ඇමරිකාව විසින් M864 සහ M483A1 මාදිලිවල පොකුරු බෝම්බ ලබා දී ඇති අතර ඒවා 2.35% ට වඩා අඩු ඩුඩ් අනුපාතයක් සහිත ඒවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩුඩ් අනුපාතය යනු සිවිල් වැසියන්ට අවදානමක් ඇති කරන ප්‍රතිශතය යි.