කංසා වගාවට විදෙස් ආයෝජකයින් 150කගෙන් ව්‍යාපෘති වාර්තා

කංසා වගාව මෙරට තුළ ආරම්භ කිරීම සඳහා මේ වන විට විදෙස් ආයෝජකයින් 150 දෙනෙක් ගෙන් පමණ ව්‍යාපෘති වාර්තා ලැබී ඇති බව වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.

ඖෂධ සකස් කිරීම සඳහා පමණක් කංසා වගා කිරීමට රජය අවසර දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ඒ සඳහා වූ පළමු නියමු ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කිරීමට හැකි වන බව යි.