ශ්රී ලංකාවේ වයස අවුරුදු 05 ට අඩු ළමයින් සහ කාන්තාවන් ලක්ෂ 10 කට ආසන්න පිරිසක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා.
දිවයිනේ සියලු පළාත් ආවරණය වෙමින් කරන ලද මෙම සමීක්ෂණයට අනුව 971,888 දෙනෙක් පමණ මන්දපෝෂණයෙන් පෙලෙන බවයි වාර්තා වී තිබෙන්නේ.
ඒ අතරින් 300,746 දෙනෙක් වයස අවුරුදු 05 ට අඩු දරුවන් වන අතර, 671,142 දෙනෙක් කාන්තාවන් වනවා.
වැඩිම මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන ජනතාවක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් බවයි අදාළ සමීක්ෂණ දත්ත පෙන්වා දෙන්නේ.

