දළඳා පෙරහැරේ විදුලි බිල සංශෝධනයට ලංවිම එකඟ වෙයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර සඳහා දැනට ඒවා ඇති විදුලිබිල නැවත ඇස්තමේන්තු ගත කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ වී ඇති බව ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

මීට දින කිහිපයකට පෙර මහනුවර ඇසළ පෙරහැර සමයේ ශ්‍රී දළඳා මාලිගාව ඇතුළු සතර දේවාල සඳහා රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයකට ආසන්න ඇස්තමේන්තුගත විදුලි බිලක් විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී දළඳා මාලිගාව වෙත යොමු කරනු ලැබුවා.

ඒ සඳහා සතර දේවාල වල බස්නායක නිලමේවරු සහ විපක්ෂය ඇතුළු බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වූ අතර නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා පවසා සිටියේ රජය විසින් අදාළ අනුග්‍රහය ලබා නොදෙන්නේ නම් අතීතයේ කළාක් මෙන් පන්දම් එළියෙන් පෙරහැර පැවැත්වීමට සිදු වන බවයි.