ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීම සහ දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීම මෙම සංචාරයේ මුලික අරමුණු ලෙස දක්වා තිබෙනවා.
එසේම සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා විසින්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී මෙරට පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හිදී ලබාදුන් සහාය සම්බන්ධයෙන් හා එවැනි සැපයුම් දීර්ඝ කාලීනව ඉදිරියට ගෙනයෑමේ නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමුකරනු ඇත.

