සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට අද සමගි ජන බලවේගය කටයුතු කර තිබෙනවා.
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ රජය තැකීමක් නොකර හදිසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදුවූ අතර ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදුවු බවයි සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.
එම කරුණු මුලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුව ඇති අතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙස යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලියා සිටියේ.

