සක්විති රණසිංහ කියන්නේ පසුගිය කාළයේ විශාල වශයෙන් කතා බහට ලක් වුන නමක්නේ
මෑත කාලයෙත් ඔහු ගැන නැවත කතාබහකට ලක් වුනේ ඉංග්‍රිසී භාශාව ඉතාමත් සරල සහ තේරුම් ගැනීමට හැකිවන අයුරින් ඉගැන්වීම සම්බන්ධයෙන්.
ඒ වගේම ඔහු සමාජ ජාලා සහ යූටියුබ් භාවිතයෙන් නාට්‍යානුසාරයෙන් කරන ඉගැන්වීම් සඳහාද ලැබී තිබෙන ප්‍රතිචාර ඉතා ඉහලයි.
.ඒ මහ බැංකුවේ අවසරයකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ශන් නැමැති මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මූල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සක්විති රනසිංහ සහ ඔහුගේ බිරිඳ වැරදිකරුවන් බවට කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කර තිබුනා.
නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය කියවා දීමේදීයි ඔවුන් වරද පිළිගන්නා බවට ප්‍රකාශ කර තිබුනේ.
ඒ අනුව රුපියල් දහසය කෝටී හතලිස් එක් ලක්ෂ 85000ක මුදල ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමට ඔවුන් පොරොන්දු වී තිබුනා,ඒ අනුව එහි පළවෙනි වාරිකය අද දිනයේ ගෙවා දමන බවට විත්තියේ නීතිඥවරුන් අද ප්‍රකාශ කලා.


