මාරක අනතුරු වලට මුහුණ දෙන රියදුරන් සඳහා විශේෂ වෛද්‍ය පරීක්ෂාවක්

සිදුවන මාරක රිය අනතුරුවල දී අනතුරට ලක්වන රථවල රියදුරන් සඳහා විශේෂ වෛද්‍ය පරීක්ෂාවක් සිදු කළ යුතු බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අදාළ රියදුරා මත්පැන් හෝ වෙනත් කිසියම් විෂ මත්ද්‍රව්‍යයක් ගෙන රිය ධාවනය කරන ලද්දේ ද නැති ද යන්න තහවුරු කර ගැනීම සඳහා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

එම විශේෂ වෛද්‍ය පරික්ෂාවට අවශ්‍ය උපකරණ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරන පරික්ෂා සඳහා වූ උපකරණ ද ගෙන්වීමට මේ වන විට කටයුතු සකස් කරමින් යන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

පසුගිය ජූලි 10 වන දා වන විට මාරක රිය අනතුරු 1,135ක් සිදු වී ඇති අතර පුද්ගලයින් 1,202 ක් ඉන් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා