ආර්ථික අපහසුතා ඇති දරුවන් සදහා සිසු සැරිය නොමිලේ

ආර්ථික අපහසුතා ඇති දරුවන් සඳහා සිසු සැරිය පාසල් සේවය නොමිලයේ ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම අනෙක් දරුවන්ගෙන් සාමාන්‍ය ගමන් ගාස්තුව මෙන් තුනෙන් එකක මුදලක් අය කර ගැනෙන ආකාරයට සිසු සැරිය ගාස්තු සංශෝධනය කරන බවයි සඳහන් කරන්නේ.

සිසු සැරිය සේවාව ක්‍රියාත්මක වන්නේ රජයෙන් වසරකට ලැබෙන බිලියන දෙකක සහනාධාරයක් මත බවත් පවතින රාජ්‍ය මූල්‍ය අර්බුධය හේතුවෙන එම මුදල් ලබා දීම සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයට හැකියාවත් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුර පවසා සිටියා.

මේ නිසා මේ සම්බන්ධයෙන් සොයා බලා තීන්දු ගැනීමට කැබිනට් අනුමැතියෙන් කමිටුවක් මේ වන විටත් පත් කර තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ශිෂ්‍ය වාර ප්‍රවේශපත්‍ර වන ගාස්තුව වැඩි කිරීමට යන බවට ලද ආරංචියක් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස අමාත්‍යවරයා මේ බව පැවසුවා.