ඉදිරි ජනාධිපතිවරණයේ දී නිදහස් ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කිරීමට එම සභාව තීරණය කර තිබෙනවා.
ඩලස් මන්ත්රීවරයා මෙරට ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය දැරීම සඳහා ඉතා සුදුසු අදූෂිත පුද්ගලයෙකු බවයි එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් එල්ලාවල මහතා ප්රකාශ කරන්නේ.
ඒ සඳහා සහය ලබා දීමට සුදානම් ඕනෑම කෙනෙකු සමඟ සන්ධාන ගත වීමට නිදහස් ජනතා සභාව සුදානම් බවයි වාර්තා වෙන්නේ.

