දකුණු චීනයේ ග්වන්ඩොන් පළාතට ඊයේ රාත්‍රියේ ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී තිබෙනවා.
“තලිම්” ලෙස හඳුන්වන මෙම සුළි කුණාටුවේ කේන්ද්‍රය ආසන්නයේ සුළං වේගය පැයට කිලෝමීටර 136.8 ක් පමණ වන බවයි ග්වන්ඩොන් කාලගුණ කාර්යාංශය නිවේදනය කර තිබෙන්නේ.
මෙම කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 230,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අවලංගු කර කිරීමට ද, ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.
තලිම් කුනාටුව ජූලි 18 වන දා එනම් අද දින පැයට කිලෝමීටර 20 ක පමණ වේගයෙන් චීනයේ ගුවැන්සි කලාපයට ගමන් කරනු ඇතැයි කාලගුණික අංශ පුරෝකථනය කර තිබෙනවා.
එසේම වියට්නාමයේ හොංකොන් හි වූ නිරික්ෂකාගාරයක් විසින් තලිම් සඳහා කුණාටු සංඥාවක් නිකුත් කිරීම හේතුවෙන් පුද්ගලයින් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

