2023 පළමු මාස 06 ක කාල සීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද මුළු බදු ආදායම රුපියල් මිලියන 696,946 ක් ලෙස වාර්තා වෙනවා.
එම ප්රමාණය 2022 වසරේ පළමු මාස 06 ක කාල සීමාව තුල රැස් කර ගත් බදු ආදායමට සාපේක්ෂව 93% ක් වර්ධනයක් බවයි දේශීය ආදායම් දෙපාර්තම්න්තුව සඳහන් කරන්නේ.
එහි දී රඳවා ගැනීමේ බද්ද, පුද්ගල අත්තිකාරම් බද්ද මෙන්ම එකතු කල අගය මත බද්ද ද 2022 වසරට සාපේෂව විශාල ප්රමාණයකින් වැඩි වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා.

