ආජන්ටිනාවේ ප්‍රබල භූ කම්පනයක්

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව අද ආර්ජන්ටිනාවේ රිච්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

එය ආර්ජන්ටිනාවේ නියුක්වන් පළාතේ ලොන්කෝප් සිට ගිනිකොණ දෙසින් කිලෝමීටර 171.4 ක ගැඹුරකින් හට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම භූ කම්පනය අසල්වැසි චිලි රාජ්‍යයටත් දනී ඇති අතර කම්පනය හේතුවෙන් සිදු වූ හානිය ගැන මෙතෙක් තොරතුරු කිසිවක් වාර්තා වී නොමැත.