ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවයක්

ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා වායුසමනය කරන ලද සුඛෝපභෝගී දුම්රියක් ලබන අගෝස්තු පළමුවැනිදා සිට ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තම්න්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම සුඛෝපභෝගී දුම්රිය රාත්‍රී 10 ට පමණ ගල්කිස්ස දුම්රියෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරි N.J. ඉන්දිපොලගේ මහතා පැවසුයේ.

එසේම ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ගමනාන්තයට එක් මගියෙක්ගෙන් රුපියල් 4,000 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කෙරෙනු ලබනවා.

ඉන්දීය ණය ආධාර යටතේ රුපියල් බිලියන 33 ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද අනුරාධපුර සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර 100 ක පමණ වේගයකින් යුතුව දුම්රිය ධාවනය කිරීමේ හැකියාවක් පවතිනවා.