OceanGate සමාගම සිය සමාජ මාධ්‍ය ගිණුම් වසා දමයි

Titanic නැවේ සුන්බුන් බැලීමට ගොස් අනතුරට ලක් වුණු Titan සබ්මැරීනය අයත් OceanGate සමාගම විසින් Facebook, Instagram, Twitter ඇතළු සියලුම සමාජ මාධ්‍ය වලින් සිය ගිණුම් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එම සමාගමට අයත් OceanGate සහ OceanGate Expeditions යන වෙබ් අඩවිවල ද ” සියලු ගවේෂණ හා වාණිජ මෙහෙයුම් අත්හිටුවා ඇත” යනුවෙන් පළ කර ඒවා ද වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එලෙස අනතුරට පත් වූ Titan සබ්මැරීනයේ OceanGate හි ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Stockton Rush ද සිටි අතර ජූනි 22 වන දා සබ්මැරීනය පුපුරා ගොස් එහි සිටි Rush ඇතුළු පුද්ගලයින් 05 දෙනාම ජීවිතක්ෂයට පත් වී ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් නිවේදනය කරනු ලැබුවා.