ජල පාරිභෝගිකයන්ගේ හිඟ මුදල් රුපියල් මිලියන 10 කට ආසන්න වෙයි

නියමිත පරිදි ජල බිල්පත ගෙවීමට අපොහොසත් වූ ජල පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 9,500 ක හිඟ මුදලක් අය කර ගැනීමට ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

එම මුදල් ගෙවීමට ලබා දී ඇති කාලය පසු කර ඇති පුද්ගලයින් ගේ ජල සැපයුම විසන්ධි කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව යි අදාළ මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කරන්නේ.

එසේම සැපයුම විසන්ධි කිරීමෙන් පසුව මාස දෙකක කාලයක් ඇතුලත එම හිඟ මුදල් පියවා නොදමන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද යොමුවන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.