ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටත් සවන් දෙනවා – සජිත්

ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපරයේ නිරත වී සිටින පුද්ගලයින්ගේ ද අදහස් සලකා බලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රට තුල ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නොමැති වීම, සංචාරක කර්මාන්තයේ ඇති විශාල ප්‍රශ්නයක් ලෙස දක්වන විපක්ෂ නායකවරයා එය ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වෙන, ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ වහල්භාවයට ලක් වූ ක්ෂේත්‍රයක් බවට පත් වී ඇති බවයි සඳහන් කරන්නේ.

දඹුල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් සමඟ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති රැස්වීමක දී විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.