සජබෙන් සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරනවා.

එමෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ද පැමිණිල්ලක් සිය පක්ෂය තීරණය කර ඇති බවයි ඔහු පවසන්නේ.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ මේ වන විට පිළිකා රෝගීන් සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ශෛල්‍ය උපකරණ භාවිත කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.