විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පළමු ශ්‍රේණියේ සාමාන්‍ය පන්ති වලට

රජයේ පාසල්වල 2024 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද පාසලේ සාමාන්‍ය පන්තියක ඉගෙන ගැනීමේ වරප්‍රසාදය හිමි කර දීමට මෙවර රජය පියවර ගෙන තිබෙනවා.

විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් කලාපයේ සිටින අධ්‍යක්ෂකාවරයා ගේ අනුමැතිය සහිතව මෙම දරුවන් පළමුවන ශ්‍රේණියේ සාමාන්‍ය පන්තිවලට ඇතුලත් කර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් නීලමනී මලවිඅරාච්චි මහත්මිය ප්‍රකාශ කරන්නේ.

කැබිනට් අනුමැතිය සහිතව විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම අයිතිවාසිකම සලසා දී ඇති බවයි ලේකම්වරිය වැඩිදුරටත් පවසන්නේ.