ඉදිරි මාස දෙක ඇතුලත අධ්‍යාපන ක්ෂේත්රයේ සෑම සේවාවකම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැඹුරු මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.
මේ වන විටත් අදාල වෘත්තීය සංගම් සමඟ ඉතා සුහද මට්ටමින් මේ පිළිබඳව කටයුතු කර ගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එසේම ඉදිරියේ දී නඩු කටයුතු සමථයකට එළඹීමෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබු උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමත් සමඟ පවතින ගුරු හිඟය බොහෝ දුරට මඟ හැරී යනු ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටිනවා.

