භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

එම සීමා ලිහිල් කරන ලද භාණ්ඩ වර්ගවල නම් ලබන සිකුරාදා වන සිට මුදල් අමාත්‍යංශය හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

එසේම ආනයන සීමා පනවන ලද HS කේත අංක 900කට අදාළ භාණ්ඩ විශාල ප්‍රමාණයක ද ආනයන සීමා ඉදිරියේ දී ලිහිල් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.