ලොව පුරා මිලියන 735 ක ජනතාවක් කුසගින්නෙන් පෙලෙන බව ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සම්බන්ධයෙන් වූ නවතම රාජ්‍ය වාර්තාව පෙන්වා දෙනවා.
ලෝකයේ පවතින යුධ ගැටුම්, වසංගත සහ ස්වභාවික අපදා තත්ත්ව හේතුවෙන් 2019 වසරේ සිට තවත් මිලියන 122 කට අධික ජනතාවක් කුසගින්නනෙන් පෙළෙන්නන් බවට අලුතින් පත් වී තිබෙනවා.
ආසියාව සහ ලතින් ඇමරිකාව කුසගින්න අඩු කිරීමේ වැඩසටහනේ යම් ප්‍රගතියක් පෙන්නුම් කළත්, බටහිර ආසියාව, සහ අප්‍රිකාවේ සියලුම උප ප්‍රදේශ වල කුසගින්න තවමත් ඉහල යමින් පවතින බවයි එම දත්ත වාර්තා කරන්නේ.
මේ තත්ත්වය තවදුරටත් මේ ආකාරයෙන් පැවතිය හොත් 2030 වන විට කුසගින්නෙන් පෙලෙන්නන්ගේ තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලීය අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකි වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් අනතුරු අඟවන්නේ.

