මුළු දිවයිනම ආවරණය වෙන පරිදි අද සිට දින 03 ක කාලයක් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.
මේ යටතේ නිවාස, පාසල්, රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරික්ෂාවට ලක් කෙරෙන බවයි සඳහන් කරන්නේ.
යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත යි.

