ලබන මහ කන්නයට පොහොර වව්චර් නැහැ

ලබන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා වව්චර් පත් නිකුත් කිරීමක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව නැවතත් ගොවීන්ගේ ගිණුම් වලට අදාල මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වව්චර් පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රයෝගික ගැටළු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය තිබෙනවා.