කොළඹ නගරයේ ගංවතුර පාලනයට ව්‍යාපෘතියක්

කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඒ ආශ්‍රිතව ඇති ඇළ වේලි සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල පාලම් තුන අසල ඇල ඇතුළු තවත් වැව් හා ඇල මාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ජලය බැස යාම සඳහා වූ ඇල මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්වයන් තීව්‍ර කිරීමට හේතු විය හැකි වීම නිසා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ගෙන යනු ලබනවා.