ICC ජුනි මාසයේ ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුනි මාසයට අදාලව නම් කරන ලද “Player of the Month” හෙවත් මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

එසේම 2023 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ වාර්තාගත පන්දු යැවීමක නිරත වෙමින් තරග 7 ක දී කඩුළු 22 ක් දවා ගත් වනිඳු එම තරඟාවලියේ වැඩිම කඩුලුලාභියා බවට ද පත් විය.

තරඟාවලියේ පළමු තරඟයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව කඩුලු 06ක් ද, ඕමානයට සහ අයර්ලන්තයට එරෙහිව කඩුලු 05ක් බැගින් ද දවා ගැනීමට සමත් වූ වනිඳු පිට පිට තරඟ 05 ක් දවා ගත ලොව දෙවැනි පන්දු යවන්නා සහ පළමු දඟ පන්දු යවන්නා ලෙස වාර්තාවක් පිහිටු වීමට ද සමත් වුණා.

ජුනි මාසය පුරාවට ඔහු කඩුලු 26 ක් බිඳ දමා ඇත්තේ 10.00 සාමාන්‍යයක් ලබා ගනිමිනි.