උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ ඇරඹෙයි

2022(2023) අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පරීක්ෂණ දිවයින පුරා මධ්‍යස්ථාන 42 ක දී ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක බව යි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ.

මේ සඳහා අපේක්ෂකයින් 20,084ක් සහභාගි වීමට නියමිතව ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ ඇගයීම් මධ්‍යස්ථානය වෙත නියමිත වේලාවට වඩා විනාඩි 30 ක ට පෙර යන ලෙස එම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම යම් හේතුවක් නිසා ප්‍රවේශපත්‍රය නොලැබුණු අපේක්ෂකයෙක් වේ නම් onlineexam.gov.lk යන වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය භාගත කරගත හැකි බවට දැනුම් දෙනවා.