ලංගම දුර ගමන් සේවා බස් රථ කාලසටහන් අන්තර්ජාලයට එක් කෙරේ

ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් දුර ගමන් සේවා බස් රථ කාලසටහන් ප්‍රථම වරට අන්තර්ජාලයේ සෙවුම් පද්ධතියට එකතු කර තිබෙනවා.

sltb.eseat.lk සහ 1315.lk යන මගී ප්‍රවාහන තොරතුරු දැනගැනීමේ වෙබ් අඩවි හඳුන්වා වීම අද ප්‍රවාහන, මහාමාර්ග, සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා.

ඒ අනුව මගීන්ට අද සිට ඉතා පහසුවෙන් 1315.lk යන වෙබ් අඩවියෙන් සහ 1315.lk ජංගම යෙදුම මඟින් තමන් ගමන් ගැනීමට අපේක්ෂා කරන බස් රථයේ කැමති ආසන තෝරා වෙන් කර ගැනීමේ හැකියාවක් ලබා දී තිබෙනවා.

ආසන වෙන් කිරීමෙන් අනතුරුව ඊට අදාළ e-tickets SMS හෝ e-mail හරහා මගියාට ලැබෙනවා.

තවද ආසන වෙන් කිරීමෙන් පසුව එම අදාළ බස් රථය පිටත් වෙන කාල වේලාවන් සම්බන්ධයෙන් මෙන්ම එය ඒ මොහොතේ ඇති ස්ථානය සම්බන්ධයෙන් ද තොරතුරු ලබා ගත හැකි වෙනවා.

මීට අමතරව දිවයින පුරා පිහිටි 40 කට අධික ප්‍රධාන බස් නැවතුම්පොළ වල පිහිටුවා ඇති කවුන්ටර් හා 1315 ක්ෂණික ඇමතුම් සේවය හරහා ත් මෙම සේවාව ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ.