උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූ කම්පාවක්

උතුරු අත්ලාන්තික් සාගරයේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් යුතු භූකම්පනයක් හට ගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.

ජූලි 10 වන දින රාත්‍රියේ කිලෝමීටර 10 ක් ගැඹුරින් කම්පනය වාර්තා වී තිබෙනවා.

මෙම භූකම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.