එළඹෙන දෙසැම්බරයේ ශ්‍රී ලංකා T10 තරගාවලියක්

එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ද T10 තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරනවා.

ආරම්භක SL T10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිත අතර එක කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයින් 06 දෙනෙක් ද ඇතුලත්ව මුළු ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුලත් වනු ලබනවා.

එසේම පිරිමි T 10 තරගාවලියට සමගාමීව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 4ක් එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.