අනතුරු නිසා වසරකට 12,000 ක් පමණ මිය යයි

සෑම පැය 3 කට වරක් ම මෙරට පුද්ගලයින් සිව්දෙනෙක් අනතරු හේතුවෙන් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ජාතික අනතුරු වැලැක්වීම සහ කළමනාකරණ වැඩසටහනේ කළමනාකාරවරයා වන විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේ වාර්ෂිකව 12,000 ක් පමණ පිරිසක් අනතුරු හේතුවෙන් ජිවිතක්ෂයට පත් වෙන බවයි.

ජූලි 03 වන දා සිට ක්‍රියාත්මක කර ඇති ජාතික අනතුරු නිවාරණ සතිය මූලික කර ගෙනයි ඒ මහතා මේ බව සඳහන් කළේ.