අධික වර්ෂාව නිසා ජපානයේ ලක්ෂ 03 ක් අවතැන් වෙයි

මේ දින වන ජපානයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කුමමොතෝ ප්‍රාන්තයේ ලක්ෂ 3 කට අධික පිරිසකට සිය නිවෙස් අත්හැර ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස ජපාන රජය දැනුම් දී තිබෙනවා.

පසුගිය සඳුදා නිරිතදිග කියුෂු ප්‍රදේශයට පතිත වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එක් අයෙක් මිය ගොස් දෙදෙනෙක් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම යමතෝ සහ මෂිකි යන නගර වලට සඳුදා දිනයේ පමණක් පැයකට මිලිමීටර 80 ට වැඩි වර්ෂාපතනයක් පතිත වී තිබෙනවා.

එම අධික වර්ෂාව හේතුවෙන් යමාතෝ හි කොන්ක්‍රීට් පාලමක් ද කඩා වැටි ඇති අතර එමඟින් ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.